දත් රැකගෙන ක්‍රීඩා කරන්න - ඉල්ලීමක්
Tuesday, 11 April 2023 - 10:14 | Views - 282
දෑත් පිටුපසට බැඳ දිවීම ඇතුළු ඊට සමාන ක්‍රීඩා අවුරුදු උත්සවවලට ඇතුළත් නොකරන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අවුරුදු සමයේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ඊයේ(10) පැවති මාධ්‍ය දැනුවත් කිරීමක දී දන්ත වෛද්‍ය විශේෂඥ නිරෝෂා රණසිංහ මේ බව ප්‍රකාශ කළා.

ඇය පවසන්නේ දෑත් බැඳ දිවීම වැනි ක්‍රියා නිසා බිම ඇද වැටී ස්ථීර දත් කැඩී යෑමෙන් රෝහල් ගත වන සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමක පවතින බවත්, අනතුරකින් ස්ථීර දතක් ගැලවී ගියහොත් නැවත එය යථා තත්වයට පත් කිරීමට නොහැකි බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය එහිදී සඳහන් කලේ එවැනි අනතුරක් සිදු වුවහොත් කාමර උෂ්ණත්වයේ ඇති කිරි වීදුරුවක, සේලයින් ද්‍රාවණයක හෝ රෝගියාගේ ඛේට ද්‍රාවණයක බහා ළඟම රෝහලට රැගෙන යෑම ‍යම්තාක් දුරකට සාර්ථක ක්‍රමයක් බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top