අදත් හවසට වහිනවා !
Tuesday, 11 April 2023 - 7:49 | Views - 329
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේ වෙතත්, එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ත්‍රිකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවල වැසි වාර ස්වල්පයක් ඇති විය හැකි බවයි.
එසේම, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවල දී ශ්‍රී ලංකාව ආශ්රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් (හිරු මුදුනින් ) පවතින බවද දැනුවත් කර තිබෙනවා.
Share This Article