මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ පැතිරයාමේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛය අංශ පවසනවා.
ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන මෙම රෝගී තත්ත්වයෙන් වැඩි බලපෑමක් එල්ලවන්නේ ගර්භනී කාන්තාවන්, කුඩා දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින්ටයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ මූලික රෝග ලක්ෂණ වන්නේ තද උණ, මාංශපේෂී වේදනාව, නාසයෙන් සොටු දියර ගැලීම, උගුරේ වේදනාව සහ සෙම තත්ත්වයයි.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කය තුළ මී උණ පැතිරයාමේ අවදානමක් මතුව තිබෙනවා.
මේ වසරේ ගතවූ මාස තුනහමාරක කාලය තුළ මී උණ රෝගීන් 124 ක් වාර්තා වී ඇති අතර, ඉන් 15 දෙනෙකු මියගොස් ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරන්ද හෙට්ටිආරච්චි කියා සිටියේ.
ඒ අතර වයස අවුරුදු 13 ක පාසල් සිසුවියක් ද වනවා.