ණය ප්‍රතිව්‍යුහගතකරණය ජූනි වල අවසන්
Monday, 10 April 2023 - 13:03 | Views - 771
මෙම වසරේ ජූනි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර හා බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණ කළ හැකි බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට වැඩසටහනේ සමාලෝචනය ලබන සැප්තැම්බර් මාසයට යෙදී ඇති බවටයි වාර්තා වන්නේ.

හිටපු මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරන්නේ, ඊට පෙර ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කළ හැකි බවටයි .


පෞද්ගලික බැංකුවක් විසින් අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇති බව සඳහන්.


අභ්‍යන්තර හා බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ පුළුල් එකඟතාවකට එළඹීමට පාර්ශවකරුවන්ට හැකියාව ලැබෙනු ඇතැයි ද හිටපු මහ බැංකු අධිපතිවරයා එහිදී විශ්වාසය පළ කර තිබෙනවා.


දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී බැංකු පද්ධතිය අස්ථාවර කෙරෙන කිසිදු දෙයකට එකඟ නොවන බව මහ බැංකුවද පසුගිය සතියේ අවධාරණය කළා.


එමෙන්ම මහ බැංකුව විසින් ප්‍රකාශ කරනු ලැබුවේ, තමන් සතුව පවතින භාණ්ඩාගාර බිල්පත් ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කරන බවත්, බැඳුම්කර ස්වේච්ඡා පදනමින් ප්‍රතිව්‍යුහගතකරණය කරන බවයි.


බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ඵලදායී වීමට නම් දේශීය බැඳුම්කර හිමියන් ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා පුළුල් සහභාගීත්වයක් ලබාදිය යුතු බවයි හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ආනන්ද කුමාරස්වාමිගේ අදහස වී ඇත්තේ.

එබැවින් රජය බැඳුම්කර හිමියන්ගේ සහභාගීත්වය වැඩිකරගැනීම සඳහා යම් දිරිගැන්වීම් සිදුකළ යුතු බව ද ඔහු පෙන්වා දෙනවා.

මේ අතර වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2023 ස්ප්‍රින් හමුව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇමරිකාව බලා පිටත්ව යනු ලැබුවා.

ඔහු මෙලෙස වොෂින්ටනය බලා පිටත්ව ගොස් ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්බන්ධීකරණය සහ අදාළ වගකීම් ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත පැවරීමේන් අනතුරුවයි.

මේ පිළිබඳ ට්විටර් සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කර තිබුණේ, ණය තිරසර භාවය සහතික කිරීම සඳහා සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ලබාගත ඇති ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවීමට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා මෙම හමුවෙන් මහඟු අවස්ථාවක් ලැබෙනු ඇති බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top