O/L කල් යයි
Monday, 10 April 2023 - 11:37 | Views - 636
අ.පො.ස සා / පෙළ විභාගය නියමිත පරිදි නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.
ඒ අනුව, එළඹෙන මැයි මස 15 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ 2022 වසරට අදාළ සා/පෙළ විභාගය එදින පැවැත්වීමට නොහැකි බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් එය තවත් සති දෙකකින් කල් යන අතර, එය දැනට පැවැත්වීමට යෝජනා වී ඇත්තේ මැයි මස 29 වැනි දිනයි.
Share This Article