පළාත්පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසම අතර අද (10) පැවැත්වෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයන් සමඟ අග්‍රාමාත්‍යවරයා පවත්වන මෙම සාකච්ඡාව පෙරවරු 11.30 ට කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කෙරෙනු ඇති.
පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් සිදුකරන එම විශේෂ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා විසින් ආණ්ඩුවේ ස්ථාවරය දැනුම්දීමට නියමිත බව ද වාර්තාවනවා.
යම් හෙයකින් මැතිවරණ කොමිසමේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් ඡන්ද විමසීම කල් දැමීම පිළිබඳව කොමිසම හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
පළාත්පාලන ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ලබාගැනීම, රාජ්‍ය සේවකයින්ගේ සහය ලබාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සහ ඡන්ද විමසීම තවදුරටත් කල් යන්නේ නම් ඊට නාමයෝජනා භාරදුන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී තවදුරටත් අවධානය යොමු කරනු ඇති.