අලුත් අවුරුදු සමයේ රෙදිපිළි සහ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමට ජනාකීර්ණ ස්ථාන වෙත යාමේ දී ගැට කපන්නන් සහ සොරුන්ගෙන් ප්‍රවේශම් වන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.
උත්සව සමයේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය ක්ෂණික මාර්ග බාධක යෙදවීම, බුද්ධි නිළධාරීන් සහ සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරින් යෙදවීම මෙන්ම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා රථ වාහන නිලධාරීන් යෙදවීම වැනි විශේෂ ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.