දුරගමන් බස් රථවල අඩු වූ ගාස්තුව ලබා නොදීමක් ගැන මගීන්ගෙන් චෝදනා
Sunday, 09 April 2023 - 13:35 | Views - 261
අඩු වූ ගාස්තුව ලබා නොදෙමින් අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන ජනතාවගෙන් බස් රථ සේවකයන් වැඩි ගාස්තු අය කරන බවට චෝදනා එල්ලවනවා.

මගීන් පවසන්නේ විවිධ හේතු දක්වමින් මෙලෙස වැඩි ගාස්තු අය කරන බවයි.

කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් අප මේ පිළිබඳව විමසීමක් කළා.

එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ අතිරේක සේවා සපයන්නේ නම් වැඩි ගාස්තුවක් අය කිරීමට සිදුවන බවයි.

එය මීට පෙරද සිදුව ඇති බව ඔහු සඳහන් කළා.

ජාතික ගමනාගමන කොමිසන් සභාව පවසන්නේ වැඩි ගාස්තු අය කරන බස් රථ වැටලීමේ මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක බවයි.

කිසියම් පැමිණිල්ලක් වෙතොත් ගමනාගමන කොමිසන් සභාවේ 1955 කෙටි දුරකථන අංකයට එම තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.

මේ අතර ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා.

ඒ, මහනුවර ප්‍රදේශයේ දී අදහස් දක්වමින්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top