නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත ට
Sunday, 09 April 2023 - 8:43 | Views - 390
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය (MSD) ශ්‍රී ලංකාවේ සැත්කම් සඳහා භාවිත කරන නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කර තිබෙනවා.

ඒ අනුව, කාණ්ඩ 03ක් යටතේ අදාළ ඖෂධය භාවිත කිරීම තාවකාලිකව ඉවත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙම ඖෂධය ඉන්දියානු ණය යටතේ මෙරටට ලැබුණු අතර, ඉන්දීය ඖෂධ සමාගමක් විසින් ශ්‍රී ලංකාවට බෙදාහැර තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ ඖෂධයේ ප්‍රමිතිය පරීක්ෂා කළ නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර, අනෙකුත් රටවල එහි ක්‍රියාකාරීත්වය සහ ඉන්දියාව විසින් ලබා දී ඇති අදාළ සහතික මත මෙම ඖෂධය රැගෙන ආ බව ද වාර්තා වෙනවා‍.

කෙසේ නමුදු, පසුගිය (06 ) වෙනිදා සිසේරියන් සැත්කමකින් අනතුරුව ජීවිතක්ෂයට පත් වු ගර්භණී මවගේ මරණයට හේතුව ලෙසද ඇතැම් වාර්තාවල පළව තිබුණේ, අදාළ මවට දුන් නිර්වින්දන ඖෂධවල ප්‍රමිතිය බාල වීමද යන්න සැක මතු වී තිබෙන බවයි.

එසේම, දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමේදී ලබාදුන් නිර්වින්දන ඖෂධවල සංකූලතා මත හෝ ශල්‍ය කර්මයේ යම් වරදක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට ද සැක මතු වූ බව සඳහන් වුණා.

කෙසේ වෙතත්, අප කළ විමසීමකදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහන් කළේ ඒ පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව බවයි.

එසේම, ඉන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින්, නිර්වින්දන ඖෂධයක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් තාවකාලිකව ඉවත් කල බව දන්වා සිටින්නේ, ගර්භණී මවගේ මරණයට නිශ්චිත තොරතුරක් මෙතෙක් මාධ්‍යට නිකුත් වී නොමැති පසුබිමකයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top