දඩ මුදල රුපියල් 5,000ත්, 10,000ත් අතර අගයකින් ඉහළට ?
Sunday, 09 April 2023 - 7:44 | Views - 327
ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ වැඩිවීමක් නිරීක්ෂණය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

බස් ගාස්තුවට සාපේක්ෂව අඩු මුදලක් අය කෙරෙන දුම්රිය සේවය තුළින් ගමන් පහසුකම් ලබාගන්නා මගීන් එලෙස කටයුතු කිරීමෙන් දෙපාර්තමේන්තුවේ ආදායම තවදුරටත් පහත වැටෙන බවයි එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඒ හේතුවෙන් ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගන්නා මගීන්ගෙන් අය කෙරෙන දඩ මුදල ඉහළ දැමීම පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.

දැනට එලෙස ගමන් කරන මගියෙකුගෙන් ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ රුපියල් 3,000ක දඩ මුදලකුයි අය කෙරෙන්නේ.

කෙසේ වෙතත්, එම දඩ මුදල රුපියල් 5,000ත්, 10,000ත් අතර අගයක් දක්වා ඉහළ දැමිය යුතු බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයා වැඩිදුරටත් සඳහන් කළේ.

දුම්රියේ මුදල් නොගෙවා යන මගීන් පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා ප්‍රවේශපත්‍ර පරීක්ෂකවරුන්ගේ හිඟය ද බලපෑම් එල්ල කර ඇති බව සඳහන්.

මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව ලබන ආදායම රුපියල් ලක්ෂ 1,300ක්.

මේ අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය සමඟ ගිවිසුමකට එළැඹ ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මහනුවර ඊයේ (08) පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ අනුව වසර 2025 වනවිට ශ්‍රී ලංගම අලාභ නොවන තත්ත්වයට පවත්වාගෙන යා යුතු බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top