පාස්කු ඉරුදිනය අද යි (Video)
Sunday, 09 April 2023 - 7:36 | Views - 379
ලොව පුරා කිතුනු බැතිමතුන් ඉතා ගෞරවයෙන් සමරන පාස්කු ඉරුදින සැමරුම අදට (09) යෙදී තිබෙනවා.

පාස්කු ඉරුදිනය සමරනු ලබන්නේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන වීම සිහිපත් කරමින් වීම විශේෂත්වයක්.

එසේම, සෑම කිතුනු බැතිමතෙකුම පාස්කු ඉරුදින හෙවත් ඊස්ටර් ලෙසින් හඳුන්වන මෙම දිනය ඔවුන්ගේ ප්‍රධානතම මංගල්‍යයක් ලෙස සළකනු ලබනවා.

තවද, ඒ වෙනුවෙන් සෑම දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයන් දිනය පුරා පවත්වනු ලබනවා.

කෙසේ වෙතත්, මෙය කිතුනුවන්ගේ උත්සවත්ශ්‍රීයෙන් සමරනු ලබන දිනයක් වුවද , 2019 වර්ෂයෙන් පසු මෙරට කිතුනු බැතිමතුන් පාස්කු ඉරුදින ය සමරනු ලබන්නේ වේදනාත්මක මතක සමග යි.

ඒ, 2019 වසරේ පාස්කු දින ප්‍රධාන දේවස්ථාන කිහිපයක් සහ තරු පංතියේ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු සාහසික ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් නැතිවුණු සහ සදහටම ආබාධිත වුණු සැවොම සිහිපත් කරමින්.

එසේම අදටත් ,පාස්කු පීඩිතයින්ට යුක්තිය ඉටුව නොතිබීම, කිතුනු බැතිමතුන්ගේ දෝෂාරෝපණයට ලක්ව තිබෙනවා.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top