සිසේරියන් සැත්කමකින් - ගැබිණි මවක් මරුට
Saturday, 08 April 2023 - 7:30 | Views - 728
සිසේරියන් සැත්කමකින් අනතුරුව 26 හැවිරිදි ගර්භණී මවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඒ පසුගිය (06) දින, පේරාදෙණිය ශික්ෂණ රෝහලේදීයී.

ඇය මීට සතියකට පමණ පෙර දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වී ඇති බවයි වාර්තා වන්නේ.

අදාල සැත්කමින් පසු දින දෙකක් දැඩි සත්කාර ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුවයි ඇය ජීවිතක්ෂයට පත් වී ඇත්තේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගැබිණි මව මහනුවර, ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහණ් කළේ, ප්‍රසූත කළ බිළිදිය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමේදී ලබාදුන් නිර්වින්දන ඖෂධවල සංකූලතා මත හෝ ශල්‍ය කර්මයේ යම් වරදක් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවට සැක මතුව තිබෙනවා.

එහෙත් ඇතැම් වාර්තාවල පළව තිබුණේ, අදාළ මවට දුන් නිර්වින්දන ඖෂධවල ප්‍රමිතිය බාල වීමද මෙම තත්ත්වයට හේතුවී ඇති බවටයි.

කෙසේ වෙතත්, අප කළ විමසීමකදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න සඳහන් කළේ ඒ පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ හැක්කේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව බවයි.

ඒ පිළිබඳ විමසීමට වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට  උත්සහ කළද ඔහු ඊට ප්‍රතිචාර දක්වා සිටියේ නැත.

මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ, ඉදිරි මාස දෙක තුළ ඖෂධ හිඟය මුළුමනින්ම අවසන් කරන බවයි.

ඒ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේදීයී.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top