දකුණු ආසියානු කාන්තා නායකත්ව සංගමයෙන් හිරුට සම්මානයක් (Photos)
Friday, 07 April 2023 - 9:10 | Views - 226
දකුණු ආසියානු කාන්තා නායකත්ව සංගම විසින් කොළඹ දී ඊයේ (06) පැවැති කාන්තා දින උස්සවයක දී හිරු ප්‍රවෘති අංශයේ මාධ්‍යවේදී පානුක රාජපක්ෂ ට සම්මානයක් හිමි වුණා.

පසුගිය 2021 වසරේ සිදුවූ විශාලම ආහාර ජාවාරමක් වන විෂ පොල් තෙල් පිලිබඳ හිරු ප්‍රවෘති අංශය විසින් කළ අනාවරණයේ දී පිළිකාකාරක අඩංගු ආහාර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන දැනුවත්වම රටට ආනයනය කරණ බව ගවේශනාත්මකව ප්‍රශ්න කරමින් කරණ ලද හෙළිදරව්ව වෙනුවෙනුයි ඔහුට මෙම සම්මානය හිමිවුණේ.

රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය මෙන්ම කොළඹ රුසියානු තානාපති කාර්යාලයේ අධ්‍යක්ෂිකා මරියා එල් පොපොවා ගේ සුරතින් මෙම සම්මානය පිරිනැමීම විශේෂත්වයක්.

මෙම සම්මාන ප්‍රධානයේ දී විවිධ ක්ශේත්‍ර ඔස්සේ දක්ෂතා මෙන්ම කැපවීම් කළ කාන්තාවන් හය දෙනෙකුට ද සම්මාන පිරිනැමුණා.

එහිදී හිරු ප්‍රවෘති අංශය විසින් පසුගිය කාන්තා දිනය දා රටට හෙළි දරව් කළ "ලිං ඉසින" දිරිය කාන්තාවක් වූ මාලනී හෙට්ටිආරච්චි මහත්මියට ද සම්මානයක් හිමි වීම හිරු ලද තවත් භාග්‍යක් වූණා.

නේපාලයේ ඕස්ටේලියානු හිටපු තානාපති නේපාලයේ ටෙලිවිෂන් හිටපු සභාපතිනි මහේෂ දහල්, මාලදිවයිනේ තානාපති කාර්යාලයේ පළමු ලේකම්වරිය වන අනීෆා මොහොමඩ්, පොලිස් ළමා හා කාන්තා කාර්යාශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර, නාවික හමුදාවේ කාන්තා කොමදෝර් ආර්.ඩි. එන්.එන් විජේදෝරු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණ දෙන නිලධාරිනි මේජර් කල්පනී ප්‍රනාන්දු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා සේවා වනිතා අංශයේ ප්‍රධානි මාලා ලමාහේවා, යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශාන්ති අබේසේකර, දකුණු ආසියානු කාන්තා නායකත්ව සංගමයේ සභාපතිනි කෞෂල්‍යා අබේවික්‍රම යන අය ප්‍රධාන දෙස් විදෙස් ව්‍යාපාරිකයන් මෙන්ම අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top