මහ සිකුරාදා දිනය අදයි
Friday, 07 April 2023 - 8:26 | Views - 279
ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසිය මත දිවි පිදීම සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුණු බැතිමතුන් අද සමරනු ලබනවා.
එම දුක් ප්‍රාප්තිය සිහිකරමින් අළු බදාදායින් ඇරඹුණු දින 40ක් පුරා කිතුණුවන් , නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කර පාද නමස්කාරයේ යෙදීම ආදිය ද, මේ වකවානුවේ සිදු කරනු ලබනවා.
ඒ අනුව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවි පිදීම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දිනය ලබන 09 වෙනිදා ට යෙදී තිබෙනවා.
Share This Article