දැන හෝ නොදැන අපි අපිට ම කර ගන්නා විනාශය ? කියවලා ම තේරුම් ගන්න
Friday, 07 April 2023 - 7:36 | Views - 1,277

ඔබේ වකුගඩු දෙකම ආරක්ෂා කර නොගත්තොත් ඔබ ඉක්මනටම මරණයට පත්වන බව ඔබ දන්නවා. නමුත් “වකුගඩු පරිස්සම් කරගන්න ඕනෑ නේද” කියලා කීවොත් ඔබ එයට හොඳින් සවන් දුන්නත්, අවධානයට ගත්තත්, හරියටම කියන විධියට ඇවැතුම් පැවැතුම් කරන්නෙ නෑ නේද? නමුත් ඔබ දැනගත යුතු වැදගත්ම කරුණු මෙහෙමයි. ඒවා ලෙහෙසියට ගන්නත් එපා.

වකුගඩුවල ප්‍රධාන කාර්ය රුධිරය පෙරා  අපද්‍රව්‍ය එනම් විස ද්‍රව්‍ය, මැරුණු සෛල, අමතර ජලය ආදිය ශරීරයෙන් මුත්‍රා ලෙස බැහැර කිරීම බව. විශේෂඥයන්ට අනුව ඔබ ලබාගන්නා තරලවල ශරීරයෙන් පිට කරන තරලවල ස්වභාවයට බලපානවා. ඒ නිසයි වකුගඩු සම්බන්ධ රෝග විනිශ්චයට මුත්‍රා සාම්පල පරීක්ෂාව බහුල වශයෙන් යොදා ගැනෙනවා.

ඔබ “දිනපතා බහුලව ජලය පානය කරන්න” කියන කියමන  ඕනෑ තරම් අසා ඇති. ඊට හේතුව නම් විජලනය (Dehydration) වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩාල කිරීමට හේතුවන නිසයි. නැවත සජලනය (Rehydration) මඟින් වකුගඩුවල පූර්ණ ක්‍රියාකාරිත්වය නැවත ඇතිකළ හැකි යැයි විශ්වාසයක් පැවතුණ නමුත් නූතන පරීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා විජලනය නිදන්ගත වකුගඩු රෝගය (Chronic Kidney Disease) ඇතිවීමට හේතුවක් වන බව.

ඒ නිසා ජලය මෙහිදී ඉතා වැදගත්. වකුගඩුවල නිරෝගී ක්‍රියාකාරිත්වය සඳහා ජලය අවශ්‍ය වුවත් ජල මූලාශ්‍ර ලෙස මෘදු පානයන් (Soft Drinks) භාවිත කිරීමද නුසුදුසුයි. ෆෘක්ටෝස් – ග්ලූකෝස් බහුල සෝඩා (Fructose – Glucose Rich Soda), රසකාරක යෙදූ සෝඩා (Diet Soda) වකුගඩුවලට ඉතා හානිකරයි. නවතම පරීක්ෂණ මඟින් තහවුරු කරලා තියෙන්නේ රසකාරක සහිත මෘදු පාන (Soft Drink) භාවිත කිරීම නිදන්ගත වකුගඩු රෝගය සඳහා ඇති අවදානම වැඩි කරන බව.

පහත සඳහන් පුරුදු ගැන ඔබ හොඳ සිහියෙන් වටහාගත යුතු කරුණු මෙහෙමයි.

සිගරැට් සහ අනෙකුත් එවැනි ද්‍රව්‍ය (දුම් රහිත දුම්කොළ – Smokeless tobacco භාවිත කිරීම වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩාල කරනවා.

මෙය ඔබ විශේෂයෙන් මතක තබාගත යුතුය. OTG ඔෟෂධ (Aspirin, acetaminophen, ibuprofen වැනි) සෘජුවම වකුගඩුවලට හානිකරයි.

අනවශ්‍ය ලෙස ව්‍යායාම කිරීමද වකුගඩු ආබාධ ඇතිවීමට තදින්ම බලපානවා. මේ නිසා අවශ්‍ය වෛද්‍ය උපදෙස් අනුව ශරීර යෝග්‍යතා ව්‍යායාම කළ යුතුය.

පරීක්ෂණ මඟින් තහවුරු කර තිබෙනවා පැය 06කට වඩා අඩු නින්ද වගේම පැය 10කට වඩා වැඩි නින්දක් ඇති පුද්ගලයන්ට මුත්‍රාවල අධික පෙරීමක් ඇති බව (Renal Hyperfiltration) මෙය වකුගඩු ආබාධ ඇතිවීමේ පෙර අවදානමක්.

 පමණට වැඩි ප්‍රෝටීන් Renal Hyperfiltration තත්ත්වය ප්‍රෝටීන් අධික ආහාර ගැනීම නිසාත් ඇති වෙනවා. විශේෂයෙන් මාංස බහුල ආහාර නිතර ගැනීමෙන්.

මෙමඟින්ද ඉහත අහිතකර ප්‍රතිඵලයම ඇතිවෙනවා. මේ නිසා ඔබ චොකලට්, රසකැවිලි ආදිය පමණට වඩා භාවිත නොකළ යුතුය.

ඕනෑම දෙයක් සීමාව ඉක්මවා නොකිරීම තමයි සෞඛ්‍ය සම්පන්න ජීවන සැලැස්මක මූලික ගුණාංගය.

මද්‍යසාර සහ කෝපි සමඟ වකුගඩු රෝග සම්බන්ධව පැවැති මිථ්‍යා දෙකක් මේ වනවිට අසත්‍ය බව තහවුරු කරගෙන තියෙනවා. ඒ අනුව 2015දී සිදුකළ පර්යේෂණයකින් සුළු ලෙස මද්‍යසාර භාවිතය නිදන්ගත වකුගඩු රෝග අවදානමක් ඇති නොකරන බවත් 2017දී කළ පර්යේෂණයකින් කෝපි හා නිදන්ගත වකුගඩු රෝග අවදානම අතර සබඳතාවක් නැති බවත් අනාවරණය වී ඇති බව පර්යේෂකයන් සඳහන් කරනවා.

කෙසේ වෙතත් ඉහත සඳහන් පුරුදු ගැන ඔබ දැඩි අවධානයකින් කටයුතු කළොත් ඇවැතුම් පැවැතුම් කළොත් ඔබ වකුගඩු රෝගියකු වීම වළකනවා.

(The Health ඇසුරෙනි)

විජිත කේ. පතිරණ
උපුටා ගැනීමකි  


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top