ඩෙංගු රෝගින් සංඛ්‍යාව ඉහළට..
Wednesday, 05 April 2023 - 15:27 | Views - 482
වසරේ මුල් මාස 3 තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 19,877ක් වාර්තා වී තිබෙනවා.
මේ අනුව පසුගිය මාර්තු මාසයේ රෝගීන් 5,109ක්, පෙබරවාරි මාසයේ රෝගීන් 6,383ක් සහ ජනවාරි මාසයේ රෝගීන් 7,393ක් ලෙස වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ.
මින් 43.8%ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.
පසුගිය වසරේ පළමු මාස 3 තුළ දී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 11,827ක්.
Share This Article