මුං ඇට සහ රතු සීනි ආනයනය කිරීමට ඉල්ලන අවසරය
Wednesday, 05 April 2023 - 9:32 | Views - 227
ආනයන තහනම ඉවත් කර මුං ඇට සහ රතු සීනි ගෙන්වීමට අවසර ලබාදෙන ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළඳුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.
එම භාණ්ඩ සඳහා පවතින ඉහළ මිල සළකා තීරු බදු පනවා හෝ අදාළ අවසරය ලබාදෙන ලෙසයි හිරු ප්රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න කියා සිටියේ.
රුපියල ශක්තිමත් වීමත් සමඟ පිටකොටුවේ භාණ්ඩ මිල 10%ත් 12%ත් අතර ප්‍රමාණයකින් පහල ගිය බව ද ඔහු ප්‍රකාශ කළා.
Share This Article