ඉහළ ගිය ඉන්ධන කෝටාව
Wednesday, 05 April 2023 - 8:56 | Views - 377
එළඹෙන උත්සව සමය වෙනුවෙන් දැනට සතියක කාලයක් සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය පියවර ගත්තා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මතයි.

පෙර සැළසුම් කළ පරිදි උත්සව සමය වෙනුවෙන් වැඩිවන ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් අවශ්‍ය තොග ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඇණවුම් කර ලබාගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය අද නිවේදනය කළේ.

ඒ අනුව මේ වනවිට සතියකට යතුරුපැදි සඳහා ලබාදෙන ලීටර හතරේ ඉන්ධන කෝටාව ලීටර හත දක්වා ඉහළ දැමෙනු ඇති.

මෝටර් රථ සඳහා ලබාදෙන ලීටර විස්ස ලීටර 30 ක් වන අතර, ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ලීටර පහ, ලීටර 8ක් දක්වා ද විශේෂ ත්‍රිරෝද රථ සඳහා ලබාදෙන ලීටර 10ක ඉන්ධන කෝටාව ලීටර 15 දක්වාත් වැඩි කර තිබෙනවා.

එමෙන් ම බස් රථ සඳහා පැවති ලීටර 40 හේ සීමාව ලීටර 60 දක්වා ද, ලොරි රථ සඳහා ලබාදුන් ලීටර 50 සීමාව, ලීටර 75 දක්වාද, බහුකාර්ය රථ සඳහා පැවති ලීටර 15 සීමාව ලීටර 25 දක්වා ද ඉහළ දමා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර ලිට්රෝ ගෑස් මිලට සමගාමීව ලාෆ් ගෑස් මිලද අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 හේ ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,290 කින් අඩු කර ඇති අතර, ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3,990 ක් ලෙසයි.

කිලෝග්‍රෑම් පහේ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 516 කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 1,596 ක් වනු ඇති. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top