සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාවට තවත් ඇත්තේ දින 11 ක් පමණයි.
අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාව මේ වන විට ලහි ලහියේ සූදානම් වන අයුරු දක්නට ලැබෙනවා.
දිවයිනේ සෑම ප්‍රධාන නගරයක් පාසාම ජනතාවගෙන් පිරී පවතින්නේ අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම වෙනුවෙන්.
විශේෂයෙන්ම බොහෝ ප්‍රදේශවල රෙදිපිළි අලෙවිසැල් සඳහා වැඩි වශයෙන් ජනතාව ඇදී යනු දක්නට ලැබෙනවා.
කෙසේ වෙතත් පෙර වසරවලට සාපේක්ෂව රෙදිපිළිවල මිල ඉහළ අගයක පවතින බවයි වෙළඳපොළ ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.
එමෙන්ම පසුගිය කාලයේ වෙළඳපෙළේ ඉහළ අගයක පැවති සබන්, බිස්කට් ඇතුළු තවත් භාණ්ඩ රැසක මිල තවමත් පහත බැස නැහැ.
අත්‍යාවශ්‍ය භාණ්ඩවල තොග මිල අඩු වුවද ඊට සාපේක්ෂව සිල්ලර මිල අඩු වී නොමැති බවයි පාරිභෝගිකයින් චෝදනා කළේ.
මේ අතර උත්සව සමයේ ඉහළ ඉල්ලුමක් පවතින කේක් ඇතුලු රසකැවිලි නිෂ්පාදනයට යොදා ගන්නා ඇතැම් අමුද්‍රව්‍යවල හිඟයක් ද පවතින බව ද වාර්තා වනවා.