සූර්යය මංගල්‍යයට තව දින 11 යි
Monday, 03 April 2023 - 8:32 | Views - 253
සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උදාවට තවත් ඇත්තේ දින 11 ක් පමණයි.

අලුත් අවුරුද්ද සැමරීම සඳහා ජනතාව මේ වන විට ලහි ලහියේ සූදානම් වන අයුරු දක්නට ලැබෙනවා.

දිවයිනේ සෑම ප්‍රධාන නගරයක් පාසාම ජනතාවගෙන් පිරී පවතින්නේ අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීම වෙනුවෙන්.

විශේෂයෙන්ම බොහෝ ප්‍රදේශවල රෙදිපිළි අලෙවිසැල් සඳහා වැඩි වශයෙන් ජනතාව ඇදී යනු දක්නට ලැබෙනවා.

කෙසේ වෙතත් පෙර වසරවලට සාපේක්ෂව රෙදිපිළිවල මිල ඉහළ අගයක පවතින බවයි වෙළඳපොළ ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

එමෙන්ම පසුගිය කාලයේ වෙළඳපෙළේ ඉහළ අගයක පැවති සබන්, බිස්කට් ඇතුළු තවත් භාණ්ඩ රැසක මිල තවමත් පහත බැස නැහැ.

අත්‍යාවශ්‍ය භාණ්ඩවල තොග මිල අඩු වුවද ඊට සාපේක්ෂව සිල්ලර මිල අඩු වී නොමැති බවයි පාරිභෝගිකයින් චෝදනා කළේ.

මේ අතර උත්සව සමයේ ඉහළ ඉල්ලුමක් පවතින කේක් ඇතුලු රසකැවිලි නිෂ්පාදනයට යොදා ගන්නා ඇතැම් අමුද්‍රව්‍යවල හිඟයක් ද පවතින බව ද වාර්තා වනවා. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top