සුපර් ඕවරයෙන් සිංහයන්ට - ජය
Sunday, 02 April 2023 - 10:21 | Views - 497
UP DATE...

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) ඕක්ලන්ඩ් හි දී ආරම්භ වූ පළමු T20 තරගයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ලකුණු සම වීමක් හේතුවෙන් දෙපිළටම සුපිරි පන්දුවාරයක් තීරණය වූ අතර, එම පන්දු වාරයට පිළිතුරු වශයෙන් ලකුණු රැස්කිරීම පළමුව පැවරුණේ සත්කාරක කිවියන් වෙතයි.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායමෙන් පිටියට පිවිසියේ Tom Latham සමගින් Daryl Mitchell යි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපර් ඕවරයේ පන්දු යැවීමේ වගකීම හිමිවූයේ දඟ පන්දු ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හටයි.

ඒ අනුව සිය දෙවැනි පන්දුවේ දී ම ටොම් ලැතම්ව යළිත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට මහීෂ්ට හැකිවූයේ කිවි ලකුණු සටහන ලකුණු 02ක් ව තිබියදියි.

ඉන් පසුව පිටියට පිවිසි චැප්මන් සමග එක් වූ මිචෙල් සුපිරි පන්දුවාරයේ දී සිය ලකුණු පුවරුව සඳහා ලකුණු 08ක් එක් කළ විට මහීෂ් යොමු කළ අවසන් පන්දුවේ දී පන්දුව කඩුල්ලේ වැදීමෙන් චැප්මන් ද දැවී ගියා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය පන්දු 06කට ලකුණු 09ක ඉලක්කයකුයි.

පන්දු 06කට ලකුණු 09ක් රැස් කිරීමේ භාරදූර වගකීම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමිවූයේ කුසල් මෙන්ඩිස් සහ චරිත් අසලංක වෙතයි.

පන්දු යැවීමේ වගකීම කිවි පන්දු බලඇණියෙන් හිමිවූයේ Adam Milne වෙතයි.

ඒ අනුව සුපිරි පන්දු වාරයේ දෙවැනි පන්දුවේ දී අකලංකගෙන් කිවියන්ට එල්ල වුයේ දැවැන්ත හයේ පහරක්.

ඒ සමග ශ්‍රී ලංකා කණ්ඩායම පළමු 20-20 ජය තියුණු සටනකින් අනතුරුව තමන් සතු කරගත්තා.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ නායක ලැතම්ගේ ඇරයුම අනුව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කිවියන්ට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය වූයේ ලකුණු 196ක්.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 196ක් ලබා ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ආරම්භක පිතිකරු යුවල වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් හට සාර්ථක ලකුණු පුවරුවක් නිර්මාණයට කිවි පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

කෙසේවෙතත් පිතිකරණය අතින් කලකට පසු ලකුණු අතරට ආ චරිත් අසලංකත් සැත්කමක් හේතුවෙන් ක්‍රීඩාවෙන් විවේක ගන්වා සිටි කුසල් පෙරේරාත් සිය වගකීම් යළිත් කරට ගෙන ක්‍රීඩා කරමින් විශිෂ්ට අර්ධ ශතක රැස්කර ගැනීමට සමත් වුණා.

අසලංක පන්දු 32කට 50ක් ලබද්දී පන්දු 40ක් වැය කරමින් කුසල් ද සිය අර්ධ ශතකය රැස් කරගත්තා.

කෙසේවෙතත් ජයග්‍රහණයට කිවියන්ට එල්ල වූයේ ලකුණු 196ක ඉල්ලකයක් වූ අතර පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු මට්ටම සම කිරීමට නවසීලන්ත පිතිකරුවන් සමත් වුණා.

ඉන් අනතුරුවයි දෙපිළටම ජයග්‍රහණය වෙනුවෙන් සුපිරි පන්දුවාරයකට ක්‍රීඩා කිරීමට සිදු වූයේ.

එලෙස සුපිරි පන්දු වාරයේ දී කිවියන් ලැබූ ලකුණු 08ට ප්‍රතිවාදී පිළිතුර ලෙස ලකුණු 11ක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තිළිණ වූයේ පළමු තරගයේ ජය ද ශ්‍රී ලංකාවට උරුම කරමින්.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ චරිත් අසලංකයි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි 20-20 තරගය එළඹෙන 05 වැනිදා ඇඩම්ස් පාර්ක් හිදී පැවැත්වීමට නියමිතයි.

......................................................................................................................................................

UP DATE...

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) ඕක්ලන්ඩ් හි දී ආරම්භ වූ පළමු T20 තරගය ලකුණු සම වීමක් හේතුවෙන් සුපිරි පන්දුවාරයක් හිමි වුණා.

ඒ අනුව සුපිරි පන්දුවාරයට පහරදීම සඳහා නවසීලන්ත කණ්ඩායමෙන් පිටියට පිවිසියේ Tom Latham සමගින් Daryl Mitchell යි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපර් ඕවරයේ පන්දු යැවීමේ වගකීම හිමිවූයේ දඟ පන්දු ක්‍රීඩක මහීෂ් තීක්ෂණ හටයි.

ඒ අනුව සිය දෙවැනි පන්දුවේ දී ම ටොම් ලැතම්ව යළිත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට මහීෂ්ට හැකිවූයේ කිවි ලකුණු සටහන ලකුණු 02ක් ව තිබියදියි.

ඉන් පසුව පිටියට පිවිසි චැප්මන් සමග එක් වූ මිචෙල් සුපිරි පන්දුවාරයේ දී සිය ලකුණු පුවරුව සඳහා ලකුණු 08ක් එක් කළ විට මහීෂ් යොමු කළ අවසන් පන්දුවේ දී පන්දුව කඩුල්ලේ වැදීමෙන් චැප්මන් ද දැවී ගියා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට හිමි වූ ඉලක්කය පන්දු 06කට ලකුණු 09ක ඉලක්කයකුයි.


....................................................................................................................................................

UP DATE...

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (02) ඕක්ලන්ඩ් හි දී ආරම්භ වූ පළමු T20 තරගය ලකුණු සම වීමක් හේතුවෙන් සුපිරි පන්දුවාරයක් මේ වනවිට තීරණය වී තිබෙනවා.


කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ නායක ලැතම්ගේ ඇරයුම අනුව පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට යි.

ශ්‍රී ලංකා කණ්ඩායමෙන් කිවියන්ට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය වූයේ ලකුණු 196ක්.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුණු 196ක් ලබා ගත්තා. 

..........................................................................................................................................................

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර මේ වනවිට (02) ඔක්ලන්ඩ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන පළමු පන්දුවාර 20-20 තරගයේ දී කුසල් පෙරේරා සහ චරිත් අසලංක අර්ධ ශතක රැස්කර ගැනීමට සමත් වුණා.

පළමුව කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායමේ ආරාධනය පරිදි පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුවල වූ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් ඉනිම ගොඩනැගීමටත් පෙර පළමු පන්දුවෙන් ම පැතුම් ව යළිත් ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට Milne ට හැකි වුණා.

ඉන් පසුව පිටියට පිවිසි කුසල් පෙරේරා සමගින් එක් වූ කුසල් මෙන්ඩිස් ක්‍රමයෙන් පිතිකරණය සවිමත් කරමින් ඉදිරියට ඇදෙද්දී කුසල් මෙන්ඩිස්ව ලකුණු 25කට දවා ගැනීමට Shipley සමත් වුණා.

ඉන් අනතුරුව ධනංජය ද සිල්වාට සාර්ථක පිතිකරණයක් අද තරගයේ දී ගොඩනැගීමට නොහැකි වූයේ ඔහු ද ලකුණු 15කට දැවී යාම හේතුවෙන්.

පසුව ක්‍රමයෙන් ප්‍රවේසම්කාරී එහෙත් වේගවත් ලකුණු රැස්කර ගැනීමට මුල පුරමින් චරිත් අසලංක හා එක් වුණු කුසල් පෙරේරා අර්ධ ශතක සීමාව පසුකර යමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගයෙන් ශක්තිමත් කරන්නට වුණා.

චරිත් අසලංක පන්දු 32කට අර්ධ ශතකය රැස් කරගත්තේ සිය ලකුණු ඉදිරියෙන් හයේ පහර 04ක් සහ හතරේ පහර ද 02ක් එල්ල කරමින්.

චරිත්ට අනගි සහායක් ලබාදෙමින් කුසල් පෙරේරා ද සිය අර්ධ ශතකය රැස් කර ගැනීමට සමත් වුණේ පන්දු 40ක් වැය කරමින්.

කුසල්ගේ ඉනිමට හතරේ පහර 04 ක් සහ හයේ පහරක් ඇතුළත්.

චරිත්ගේ මෙම අර්ධ ශතකය ඔහුගේ T20 දිවියේ සිව්වැනි අර්ධ ශතකය වන අතර කුසල්ගේ එය 13 වැනි අර්ධ ශතකයයි.

චරිත් අසලංක ලකුණු 67ක දී දැවී ගියේ එල්ල කිරීමට උත්සාහ කළ හයේ පහරක් වැරදීම හේතුවෙන්.

Adam Milne, Benjamin Lister,Henry Shipley එක් කඩුල්ල බැගින් බිඳ දැමූ අතර කඩුලු 02ක අයිතිය හිමිවූයේ James Neeshamටයි. 

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17ක් තුළ පන්දු 02කදී ලකුණු 171ක් රැස් කරගෙන සිටින්නේ කඩුලු 05ක් අතැතිවයි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 20 අවසානයේ දී අවසන් වූයේ කඩුලු 05ක් දැවී ලකුණු 196ක් රැස්කර ගනිමින්.

ඒ අනුව ජයග්‍රහණයට නවසීලන්තයට ලකුණු 196ක ඉලක්කයක් හිමිවුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top