පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳ ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කරන ලෙස උපදෙස් ලබාදුන් බව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනි, පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි විජේරත්න පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ආයතන, ජාතික ළමා රක්ෂණ අධිකාරිය, පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවල නියෝජිතයන් ද මෙම කමිටුවට ඇතුළත් වන පරිදි පිහිටුවන ලෙසයි එහිදී උපදෙස් ලබාදී ඇත්තේ.
අදාළ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පවරා තිබෙනවා.