කේරළයේ කෝලිකූඩ් ගුවන් තොටුපලේදී නීතිවිරෝධී ලෙස රැගෙන යාමට තැත් කළ ඉන්දීය රුපියල් කෝටි දෙකකට අධික රත්‍රං තොගයක් ඉන්දීය රේගු බුද්ධි අංශ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව අවස්ථා හතරක දී සොයාගත් මෙම රත්‍රං තොගයේ බර කිලෝග්‍රෑම් තුනහමාරකට අධික බව සඳහන්.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් හතරදෙනෙකු මෙම රත්‍රං තොගය කරල් ලෙස සකස් කර තම සිරුරු තුළ සඟවාගෙන යෑමට උත්සහ කර තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.