අද සිට මෙරට අධ්‍යාපන පද්ධතියට නව වෙනසක්
Friday, 31 March 2023 - 15:02 | Views - 299
විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය සහ කලා විෂයන් සහිත නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය අද මෙරට පාසල් අධ්‍යාපනයට හඳුන්වා දෙනු ලැබුවා.
මෙහි සමාරම්භක උළෙල කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන්.
මෙය, ලොව පුරා රටවල් 96 ක පමණ භාවිත වන සාර්ථක අධ්‍යාපන ක්‍රමවේදයක් බවයි එහිදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ.
එමෙන්ම මෙම ක්‍රමවේදයේ දී විෂය ධාරාව අනුව කිසිදු දරුවෙකු පාසල් අධ්‍යාපනයෙන් අතරමගදී ඉවත් නොකෙරෙන බව අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.
Share This Article