
රුපියල් 180 ක වාසියක් තකා රුපියල් 80000ක් වටිනා මාලයක් අහිමි කරගත් කාන්තාවක පිළිබඳව බිංගිරිය ප්‍රදේශයෙන් වාර්තාවිය.
එය බිංගිරිය නගරයට නුදුරින් පිහිටි සිල්ලර වෙළෙඳසලක පාසල් දරුවන් සඳහා වෙන්වූ අධ්‍යාපනික පුවත්පත්, සඟරා ආදියද අලෙවිකරන තැනකි. පසුගිය දිනෙක උදේ 10 ට පමණ කඩයට ගොඩ වැදුනු තරමක් නවීකරණ වූ තරුණ පහේ මවක් එක්තරා අධ්‍යාපනික පුවත් පතක් පිළිබඳව මුදලාලිගෙන් කරුණු විමසුවාය.
එහි මිල ගණන්, අඩංගු අතිරේක, සඟරාවේ දිග පළල ආදිය ද එයට ඇතුළත් විය. මුදලාලි පැවසුවේ කඩය තුළට පැමිණ පුවත් පත් රඳවා ඇති රාක්කයෙන් එය තෝරා ගන්නා ලෙසයි.
ඇතුළට පැමිණි කාන්තාව, ඒ සැනකින්ම ආපසු එලියට පැමිණ අදාළ පුවත් පත එහි නොමැති බව පවසමින් ක්ෂණයකින් අතුරුදන් වූවාය. ඊයේ ගෙනෙන ලද සඟරාව මේවනවිට නොමැතිවීමට ඉඩක් නොමැති බව සිතූ මුදලාලි, ඉතා ඉක්මනින්ම ඇය පිටවීම පිළිබඳවද සැකසිතී වහා තමන්ගේ ආරක්‍ෂිත කැමරාව පරීක්ෂාකර බැලීය.
මුදලාලි සිතු පරිදිම රාක්කය අසලට ගිය කාන්තාව එක් සඟරාවක් හතරට නවා ඇඳසිටි බ්ලවුසයේ කර තුළින් ඇතුළට දමා ගෙන පිටව යන අයුරු දක්නට ලැබුණි. ඒ සමගම ඇගෙන් කිසිවක් බිමට වැටෙන ආකාරයක් ද කැමරාවේ සටහන්වී තිබෙනු දුටු මුදලාලි රාක්කය අසල පරීක්ෂා කිරීමේදී බිම වැටී තිබූ කුඩා පෙන්ඩනයක් සහිත රන් ආලේපිත මාලයක් සොයා ගත්තේය.
හදිසියේ සඟරාව බ්ලවුසය තුළට ඔබා ගැනීමට යාමේදී කර පැලඳි මාලය මෙසේ කඩා වැටී ඇත. මුදලාලි පසුවදාම කඩය ඉදිරිපිට ලොකු අකුරින් දැන්වීමක් ප්‍රදර්ශනය කළේය. එහි සටහන්ව තිබුණේ. “ අපේ බඩුව ගෙනැත් දී ඔබේ බඩුව රැගෙන යන්න” යනුවෙනි.
එසේ වුවත් බඩුවට - බඩුව හුවමාරු කර ගැනීමට මේ දක්වාම කිසිවෙකුත් කඩයට පැමිණ නැති බව කඩහිමියා පවසයි.
ලංකාදීප
206 Views
103 Views
94 Views
166 Views
65 Views
81 Views
82 Views
57 Views
133 Views
67 Views
98 Views
160 Views
194 Views
657 Views
81 Views
75 Views
74 Views
65 Views
62 Views