මඟ බලා සිටියාට, අද සිට ලැබුණු පුංචි සහනය..(Photos)
Thursday, 30 March 2023 - 10:57 | Views - 198

ඉන්ධන මිල සංශෝධනය ඊයේ(29) රාත්‍රී 12 සිට සිදු කෙරුණු අතර ඒ අනුව, අද දිනයේ දී පාරිභෝගිකයන්ට නව අඩුකළ මිල ගණන් යටතේ ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල, රුපියල් 60කින් අඩු කෙරෙනු අතර එහි නව මිල රුපියල් 340ක් වනු ඇති.ඔටෝ ඩීසල් ලීටරයක මිල, රුපියල් 80කින් අඩු කෙරෙනු අතර එහි නව මිල රුපියල 325ක්.එමෙන්ම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල, රුපියල් 135කින් අඩු කෙරෙනු අතර එහි නව මිල 375ක් වනු ඇති.තවද, සුපර් ඩීසල් ලීටරයක මිල, රුපියල් 45කින් අඩු කෙරෙනු අතර එහි නව මිල 465ක්.එසේම, භූමිතෙල් ලීටරයක මිල, රුපියල් 10කින් අඩු කෙරෙනු අතර එහි නව මිල 295ක් වන බවයි වාර්තා වෙන්නේ.මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතගත සංස්ථාව සිදු කළ මිල ගණන් සංශෝධනයට අනුකූලව තම සමාගමත් මිල ගණන් සංශා්ධනය කරන බව ලංකා අයි.ඕ.සී සමාගම ඊයේ සඳහන් කළා. ඒ අනුව, සමාගම් දෙකේම ඉන්ධන පිරවුම් හල් වල සමාන මිල ගණන් යටතේ ඉන්ධන ලබා ගැනිමට අද(30) සිට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබී තිබෙනවා.මේ අතර ඉන්ධන බෙදා හැරීම කඩාකප්පල් කළ වෘත්තීය සමිති නායකයින් ඇතුළු ඛනිජ තෙල් සේවකයින් 20 දෙනෙකෙු අනිවාර්ය නිවාඩු යවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ සඳහන් කර සිටියා.එසේම, අඩු කළ මිල ගණන් යටතේ අඩුවන නව බස් ගාස්තු ද ඊයේ, ප්‍රකාශයට පත් කළ අතර , එය හෙට(31) උදෑසන සිට බලපැවැත්වෙනු ඇති. පහතින් එම අඩුකළ බස් ගත්තු පිලිබඳ දැනුම්වත් වන්න...


Share This Article