සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි ! (Video)
Tuesday, 28 March 2023 - 10:29 | Views - 683
ජ්‍යෙෂ්ඨ ප්‍රවීන ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි ජීවන ගමන අවසන් කර ඇති බව වාර්තා වෙයි.

මිරිහානේ පිහිටි ඔහුගේ නිවසෙදී මියගොස් ඇති මිය යන විට ඔහු 81 වැනි වියේ පසුවිය.

මෙරට සංගීත කලාවේ පුරෝගාමියෙක් ලෙස සංගීත ක්ෂේත්‍රයට සහ ගායන ක්ෂේත්‍රයට ඔහු කළ මෙහෙය මේසා විසල් යැයි කිව නොහැකි තරම්. වර්තමානයේ කලා ක්ෂේත්‍රයේ වැජඹෙන බොහෝ ගායන ශිල්පීන්ගේ සහ සංගීතඥයින්ගේ ගුරුවරයා වූයේ ඔහුයි.

ගුවන් විදුලියේ මෙන්ම සිනමාවේද ප්‍රසංග වේදිකාවේද එතැනින් එහා කැසට් පට ගැසූ පරම්පරාව සමඟද කරට කර සිටිමින්ද (සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම සමඟ ඔහු කැසට් පටයක් නිර්මානය කර ඇත) ගීත ක්ෂේත්‍රයේ දශක ගණනාවක් රැඳී සිටි කලාකරුවෙකි ඔහු.

කොළඹ සෞන්දර්‍යය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසද ඔහු කලක් කටයුතු කළේය.

ජීවිතයෙන් වැඩි කාලයක් මෙරට සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් කැප කර දක්ෂ ප්‍රවීන සංගීත ශිල්පීන් රාශියක් දායාද කරමින් සදා අමරණීය ගීත රැසක් අප සවනතට ඉතිරි කළ ජ්‍යේෂ්ඨ කලාකරුවානෙනි. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු...

ඔබට සුබ ගමන් ! 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top