සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට කේක් නිෂ්පාදන ඇතුළු අනෙකුත් නිෂ්පාදනවල හිඟයක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ, වෙළඳපොලේ මේ වනවිට පවතින බිත්තර හිඟය හේතුවෙන්.
කෙසේ වෙතත්, මෙරට බිත්තර මිල පාලනය කිරීමේ අරමුණින් බිත්තර හිඟයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළ අතර, ඉන්දියාවෙන් ආනයනය කෙරුණු පළමු බිත්තර තොගය රැගත් නෞකාව පසුගිය (23) වැනිදා මෙරටට ළඟා වී තිබුණා.
එසේ වුවද, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියැදි පරීක්ෂණ කටයුතු හේතුවෙන්, ආනයනික බිත්තර තොගය තවමත් බෙදා හැරීම ආරම්භ කර නොමැති බවත් , බෙදා හැරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද වන බවත්, විෂයය භාර අමාත්‍යවරයා පසුගිය (25) වනදා සඳහන් කර සිටියා.