රත්තරං මිල තවත් පහළට
Monday, 27 March 2023 - 11:47 | Views - 859
මෙරට රත්රං මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, අද (27) මෙරට රන් වෙළෙඳපොළෙහි "කැරට් 22" රන් පවුමක මිල රු. 158,300 ක් දක්වා පහළ බැස තිබු බවටයි වාර්තා වල සඳහන්.
කෙසේ වෙතත්, පසුගිය සිකුරාදා එය දැක්වුණේ රු. 161,000ක් ලෙසටයි.
මේ අතර සිකුරාදා රු. 175,000ක් ලෙස පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 172,000 ක් දක්වා පහළ වැටී තිබෙනවා.
Share This Article