ඉදිරියේදී රාජ්‍ය සේවකයින්ගේ අතිකාල සහ අනෙකුත් දීමනා ගෙවීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ රජයේ සේවකයින්ට ලබා දී තිබූ අතිකාල සහ අනෙකුත් දීමනා සීමා කිරීමටයි මීට පෙර තීරණය කර තිබුණේ.
කෙසේ වෙතත් ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත චක්රලේඛයෙන් එය වෙනස් වනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ අතර මාර්තු සහ අප්‍රේල මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබා ගැනීමට සිදුව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගාල්ලේ ඊයේ පැවති වැඩසටහනකින් අනතුරුව ප්‍රකාශ කළා.