කිරි තේ කෝප්පයක මිලත් පහළට (Video)
Monday, 27 March 2023 - 7:19 | Views - 1,283
කිරි තේ කෝප්පයක මිල අද (27) සිට රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ කිරිපිටි මිල පහත දැමීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව, රුපියල් සියයක්ව පවතින කිරි තේ කෝප්පයක මිල රුපියල් 90 දක්වා අඩු කරන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.
කෙසේ වෙතත්, අද (27) සිට කිරිපිටි මිල පහළ දැමීමට ආනයනික කිරිපිටි සමාගම් තීරණය කළ අතර, ඒ අනුව කිරි පිටි 1kg ක් රුපියල් 200 කින් සහ 400g ක කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 80 කින් පහළ දමා තිබෙනවා.
Share This Article