රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වසරේ පළමු වාරයේ පළමු අදියර හෙට (27) සිට ආරම්භ වනවා.
එම අධ්‍යයන වාරය අප්‍රේල් මස 4 දක්වා පැවැත්වෙන අතර, අලුත් අවුරුදු නිවාඩුව අප්‍රේල් 5 වනදා සිට 16 දක්වා ලබාදෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
එමෙන්ම යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු ශ්‍රේණියේ සිට දරුවන්ට භාවිතයෙන් ඉංග්‍රීසී ඉගැන්වීම ද මෙම වාරයේදී ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පසුගියදා ප්‍රකාශ කළා.
මේ අතර ගුරු සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බවට හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අනුරාධපුරයේදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියා.
ඇතැම් ගුරු වෘත්තිය සමිති පාසල් ළමයින්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීම කණගාටුවට කරුණක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.