බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි
Sunday, 26 March 2023 - 12:49 | Views - 354
ඉදිරියේදී බස් ගාස්තු අඩුවිය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මිල සූත්‍රයකට අනුව බස් ගාස්තු සංශෝධනය වීමට නියමිත බවයි.
මේ අතර, එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් දිවයිනේ සෑම ප්‍රදේශයකම මාර්ග දෙපස වෙළෙඳාම් කටයුතු සිදුකිරීමට නිෂ්පාදකයින්ට අවස්ථාව ලබාදෙන බව ද ප්‍රවාහන ඇමතිවරයා මෙහිදී සඳහන් කළා.
Share This Article