ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලේ තවදුරටත් පහළ යාමක් දක්නට ලැබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ සටහන් වූයේ අමෙරිකානු ඩොලර් 74.99 ක් ලෙසයි.
එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ඩොලර් 69.26ක් ලෙස දැක්වුණා.
කෙසේ වෙතත්, දින කිහිපයකට පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කර සිටියේ, අප්‍රේල් මාසයේ එනම්, එළඹෙන උත්සව සමයේ දී ජනතාවට දැනෙන ඉන්ධන සහනයක් ලබා දීමට කටයුතු කරන බවයි.