රට රැකියාවට යන අයට විශේෂ දැනුම් දීමක්
Saturday, 25 March 2023 - 11:04 | Views - 979
රැකියා සඳහා විදේශගත වන ශ්‍රී ලාංකිකයින්ට සිය කාර්යාංශයේ ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචිවීමට මේ වනවිට අවස්ථාව සළසා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ www.slbfe.lk වෙබ් අඩවියේ ඇති ඔන්ලයින් සෙල්ෆ් රෙජිස්ට්‍රේෂන් වෙත පිවිසීමෙන් මෙම ලියාපදිචිය සිදුකරගත හැකි බවයි.ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 යන කෙටි දුරකථන අංකය ඔස්සේද ලබාගත හැකියි.
Share This Article