දැනෙන ඉන්ධන සහනයක්..
Wednesday, 22 March 2023 - 8:34 | Views - 8,326
අප්‍රේල් මාසයේ එළඹෙන උත්සව සමයේ දී ජනතාවට දැනෙන ඉන්ධන සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
එමෙන්ම ලබන දෙසැම්බර් මාසයේදී විදුලිබිල සඳහාද සහනයක් ලබාදීමට හැකිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
ඔහු මේ බව සඳහන් කළේ, ඛනිජ තෙල් සම්පත් පනත යටතේ වූ නියෝග පිළිබඳ විවාදයට එක්වෙමින්.
Share This Article