සිය ගැටළුවලට පිළිගත හැකි විසඳුමක් ලබා නොදීම හේතුවෙන් ආරම්භ කළ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී එහි සම කැඳවුම්කරු උපාලි රත්නායක මේ බව කියා සිටියා.
මේ අතර, ජනතාවාදී බුද්ධි මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂඨ මහාචාර්ය මහීම් මෙන්ඩිස් කියා සිටියේ නව බදු ප්‍රතිපත්තිය හකුළා ගන්නා තුරු සිය වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන බවයි.