චීනයේ විනෝදාස්වාද යෙදුමක් වන ටික්ටොක් දුරකතන මෙවලම තහනම් කිරීමට නවසීලන්ත රජයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව එරට පාර්ලිමේන්තුවේ පරිගනක ජාලයට සම්බන්ධ රජයේ දුරකතන ඇතුලු උපකරණ වල ටික් ටොක් ප්‍රවේශය මේ මස අවසානයේ සිට තහනම් කෙරෙනු ඇති
මෙම පියවර ගෙන ඇත්තේ එරට පරිගණක පද්ධති වල තොරතුරු ආරක්ශා කර ගනීමේ අරමුනින් බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මීට පෙර අමෙරිකාව, කැනඩාව සහ මහා බ්‍රිතාන්‍ය ද චීනයේ බයිට් ඩාන්ස් සමාගමේ ටික් ටොක් යෙදුම තහනම් කිරීමට පියවර ගත්තේ ජාතික ආර්ක්ශාවට තර්ජනයක් බව පවසමින්.