රත්තරං මිල ඉහළ යාමේ අවදානමක් (Video)
Friday, 17 March 2023 - 15:41 | Views - 14,316
මෙරට රත්රං වෙළෙඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ යාමේ වැඩි හැකියාවක් පවතින බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ වටිනා ලෝක විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ සහකාර අධ්යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පැවසුවේ මේ වනවිට ලෝක වෙළෙඳපොළේ ද රන් මිල යළි ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර ඔහු වැඩි දුරටත් සඳහන් කළේ 2035 වසර වන විට ලොව ආකරවල පවතින සියලු ම රත්තරන් අවසන් වී යන බවත් මේ වන විටත් ඉන් 85%ක පමණ ප්රමාණයක් භාවිතයට ගෙන අවසන් වී ඇති බවයි.
Share This Article