පස්වරුවේ ධාවනය වන්නේ දුම්රිය 9ක් පමණයි
Wednesday, 15 March 2023 - 15:48 | Views - 1,664
දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් අද (15) පස්වරුවේ දුම්රිය 9ක් පමණක් ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව ප්‍රධාන සහ උතුරු මාර්ගයේ දුම්රිය 4ක්, මුහුදුබඩ සහ පුත්තලම මාර්ගවල දුම්රිය 2ක බැගින් සහ කැලණිවැලි මාර්ගයේ දුම්රියක් එලෙස එම දුම්රිය ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
කොළඹ කොටුවෙන් පස්වරු 2.25ට රඹුක්කන, පස්වරු 5.10ට මහනුවර, පස්වරු 4.40ට ගනේවත්ත සහ පස්වරු 6.00ට මහව දක්වා අදාල දුම්රිය පිටත්වීමට නියමිතයි.
මුහුදුබඩ මාර්ගයේ මරදානේ සිට පස්වරු 5.00ට බෙලිඅත්ත දක්වා සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය සහ පස්වරු 5.25ට ගාල්ල දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.
මීට අමතරව, පුත්තලම මාර්ගයේ කොළඹ කොටුවේ සිට පස්වරු 4.30ට සහ 5.30ට හලාවත දක්වා ද, කැලණිවැලි මාර්ගයේ පස්වරු 5.00ට අවිස්සාවේල්ල දක්වා ද, එම දුම්රිය ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
Share This Article