සෞඛ්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, අධ්‍යාපන ඇතුළු වෘත්තීය සමිති වර්ජනයේ
Wednesday, 15 March 2023 - 8:28 | Views - 671
රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් වරාය, ජල, විදුලි, තෙල්, සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය, බැංකු සහ තැපැල් ඇතුලු වෘත්තිය සමිති 40කට වැඩි සංඛ්‍යාවක් අද ඒකාබද්ධ වැඩවර්ජනයක නිරත වනවා.

පෙරේදා සිට පළාත් මට්ටමින් වර්ජනවල නිරත වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දිනයේද දිවයින පුරා රෝහල්වල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේ මෙම වර්ජනයට සහයෝගය නොදක්වන බවයි.

එමෙන්ම වරාය සහ ජල සම්පාදන වෘත්තිය සමිති අද පැවැත්වෙන දීපව්‍යාප්ත වැඩ වර්ජනයට සහය පළ කරමින් සේවයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළා. එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුලු අනෙකුත් වෘත්තිය සමිති ද ලෙඩ නිවාඩු වාර්තා කරමින් වර්ජනයට සහය දක්වනවා.

තැපැල් සේවය ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් අත්‍යවශ්‍ය මහජන සේවයක් බවට පත් කළද තැපැල් වෘත්තීය සමිති සැළසුම් කළ පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සිය වර්ජනය ආරම්භ කළා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අනධ්‍යයන සේවක මණ්ඩලයද මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව ප්‍රකාශ කළා. එමෙන්ම ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද පාසල් නොපැමිණෙන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ කියා සිටියේ අද දිනයේ ක්‍රියාත්මක වර්ජනයට සහභාගි නොවන බවයි.

ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පාසල් නොපැමිණීම හේතුවෙන් රටපුරා ජාතික පාසල්, පළාත් පාසල් සහ ආධාර ලබන පාසල්වල අද පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි වාර විභාගයට අයත් විෂයන් කල් දැමූ බව පළාත් අධ්‍යක්ෂවරුන් නිවේදනය කළා.

මේ අතර සමෘද්ධි හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කිත්සිරි ගමගේ කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අද පැවැත්වෙන වර්ජනය සඳහා සිය සහයෝගය ලබා නොදෙන බවයි. 


 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top