පෞද්ගලික හා ලංගම බස් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි - නිවේදනය මෙන්න
Wednesday, 15 March 2023 - 7:48 | Views - 448
අද (15) පෞද්ගලික සහ ලංගම බස් රථ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.
මේ අතර, අද පෙරවරුවේ කාර්යාල දුම්රිය 11ක් පමණක් ධාවනය වන බව යි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
රජයේ බදු ප්‍රතිපත්තිය, විදුලි බිල සංශෝධනය, රෝහල්වල බෙහෙත් නැති වීම, ප්‍රතිව්‍යූහගත කිරීම ආදී ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීම සඳහා දීප ව්‍යාප්ත ව ක්‍රියාත්මක වන වර්ජන මාලාව අදත් ක්‍රියාත්මක යි.
වෛද්‍ය වර්ජනය ද තවදුරටත් ක්‍රියාත්මක වන නමුත්, බාහීර රෝගි අංශය හා සායනික අංශය හැර සෙසු සියලු ම අංශ පාහේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව වෛද්‍ය වෘත්තීය සංගම් පවසනවා.
Share This Article