උඩුදුවන වර්ජනය - 15 වනදා දිවයින පුරා ?
Monday, 13 March 2023 - 10:51 | Views - 492
වෘත්තියවේදීන් අනිද්දා (15) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල සියලු රජයේ රෝහල්වල අද පෙරවරු 8 සිට එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.

එමෙන්ම හෙට වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව පළාත්වල මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

15 වනදා දිවයින පුරා ආවරණය වන පරිදි රජයේ රෝහල්වල මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ.

වර්ජන සමයේ හදිසි ප්‍රතිකාර සේවා අඛන්ඩව පවත්වාගෙන යන බවත්, ළමා, මාතෘ, පිළිකා, ත්‍රිවිධ හමුදා රෝහල් සහ වකුගඩු ප්‍රතිකාර ඒකකයන් මෙන්ම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයෙහි මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියා සිටියේ වර්ජනවලට තම සංගමය සහය ලබානොදෙන බවයි.

එමෙන්ම බැංකු සේවකයින්ද අද කලු ඇදුමෙන් සැරසී සේවයට වාර්තා කිරීමට තීරණය කර ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක අනූප නන්දුල කියා සිටියා.

කෙසේ වෙතත් ප්‍රගති බැංකු සේවක සංගමය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ වර්ජන ක්‍රියාමාර්ග හරහා රටේ ආර්ථිකයට සහ බැංකු පද්ධතියට සිදුවිය හැකි හානිය සැලකිල්ලට ගනිමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සහභාගි වීම සම්බන්ධයෙන් තම ස්ථාවරය අද ප්‍රකාශයට පත්කරන බවයි.

ජල සම්පාදන හා ජලාපවාහන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු උපාලි රත්නායක ඊයේ පැවති මාධ්‍ය හමුවක දී කියා සිටියේ අනිද්දා වර්ජනයට සමඟාමීව අද සිට ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ග අරඹන බවයි.

එමෙන්ම විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ උප සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ ද සඳහන් කළේ, හෙට සිට ඔවුන් අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවයි.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද පසුගිය 09 වනදා ආරම්භ කළ අධ්‍යයන කටයුතුවලින් බැහැර වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි.

රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව මෙම වෘත්තිය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක අතර, දුම්රිය වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කළේ හෙට මධ්‍යම රාත්‍රියේ සිට අනිද්දා මධ්‍යම රාත්‍රිය දක්වා පැය විසි හතරක සංකේත වර්ජනයක් ඔවුන්ද ක්‍රියාත්මක කරන බවයි. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top