ඔස්කාර් සම්මාන උලෙළේ හොඳම ගීතය “නාටු නාටු”- හොඳම නළුවාට හිමි සම්මානය Brendan Fraser ට..
Monday, 13 March 2023 - 9:14 | Views - 637
හොලිවුඩයේ මෞලි මංගල්‍යය යන නමින් හැඳින්වෙන 95 වැනි ඔස්කාර් සම්මාන උලෙළේ දී ලෝක ප්‍රසිද්ධ කලාකරුවන් රැසක් සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ දී හොඳම නළුවාට හිමි සම්මානය දිනාගනු ලැබුවේ Brendan Fraser විසින්.

ඒ The Whale චිත්‍රපටය සඳහා යි.

හොඳම නළුවා සඳහා නිර්දිශ්ට නාම අතරට Michelle Williams- The Fabelmans, Andrea Riseborough- To Leslie, Ana de Armas Blonde Cate Blanchett- Tar නම් වී තිබුණා.

හොඳම සහාය නළුවාට හිමි සම්මානය Everything Everywhere All at Once චිත්‍රපටයේ රඟ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් හිමි කරගත්තේ චීන ජාතික නළුවෙකු වන Ke Huy Quan විසින්.

හොඳම සහාය නළුවාට හිමි සම්මානය කී හේ ක්වෑන් දිනාගනිද්දී ඊට නිර්දේශ වූ නාම අතර Brendan Gleeson - The Banshees of Inisherin,
Brian Tyree Henry - Causeway, Judd Hirsch - The Fabelmans සහ Barry Keoghan - The Banshees of Inisherin යන දක්ෂයින් ඊට ඇතුළත් වුණා.

Everything Everywhere All at Once සිනමා පටය සඳහා මෙවර ඔස්කාර් හි දී වසරේ හොඳම පින්තූරයට හිමි සම්මානය ද හිමිවීම විශේෂත්වයක්.

ඊට නිර්දේශ වූ නිර්මාණ අතර All Quiet on the Western Front, Avatar: The Way of Water, The Banshees of Inisherin Elvis, The Fabelmans, Tár, Top Gun: Maverick, Triangle of Sadness - Women Talking නම් වී තිබුණා.

ඔස්කාර් හි දී මෙවර හොඳම සහාය නිළියට හිමි සම්මානය හිමි කරගත්තේ ද Everything Everywhere All at Once සිනමා පටයේ රංගනයෙන් දායක වූ Jamie Lee Curtis විසින්.

ඒ සඳහා නිර්දේශ වූ සෙසු නාම අතර Angela Bassett - Black Panther: Wakanda Forever, Hong Chau - The Whale, Kerry Condon - The Banshees of Inisherin සහ Stephanie Hsu - Everything Everywhere All at Once චිත්‍රපටය සිටිනවා.

මෙවර හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවේ Daniel Kwan සහ Daniel Scheinert ‍යි.

එම සම්මානය ද හිමි වූයේ Everything Everywhere All at Once සිනමා කෘතිය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂක දෙපළටයි.

මේ අතර ඔස්කාර් සම්මානයක් දිනු ප්‍රථම ඉන්දීය ගීතයක් ලෙස මෙවර හොඳම ගීතය ලෙසින් සම්මානිත වූයේ නාටු නාටු ගීතය වෙනුවෙන්.

එම සම්මානය Kaala Bhairava and Rahul Sipligunj ලබාගත්තා.

ඉන්දියාව සමග කරට කර ඔස්කාර් කිරුළ වෙනුවෙන් හොඳම චිත්‍රපට ගීතය බවට පත්වීමට තරග කරනු ලැබූ නිර්දිශ්ට නාම අතර Applause, Sofia Carson and Diane Warren (Tell It Like a Woman), Lift Me Up, Rihanna (Black Panther: Wakanda Forever), Hold My Hand, Lady Gaga (Top Gun: Maverick) සහ This is a Life, Son Lux (Everything Everywhere All at Once) නම් වී තිබුණා.

වසරේ Best original score සම්මානය හිමි වූයේ All Quiet on the Western Front වෙතයි.

ඊට නිර්දිශ්ට නාම අතර Babylon, The Banshees of Inisherin, Everything Everywhere All at Once සහ The Fabelmans නම් කෙරුණා.

හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩ මෝස්තර නිර්මාණයට හිමි ඔස්කාර් සම්මානය හිමි වූයේ Darren Aronofsky අධ්‍යක්ෂණය කළ The Whale චිත්‍රපටය සඳහා යි.

ලෝක ප්‍රසිද්ධ වූ All Quiet on the Western Front, The Batman, Black Panther: Wakanda Forever සහ Elvis යන නිර්මාණ ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබුණා.

හොඳම ඇඳුම් මෝස්තරයට හිමි සම්මානය Black Panther: Wakanda Forever දිනාගත් අතර හොඳම කැමරා අධ්‍යක්ෂණය (සිනමාකරණය)
All Quiet on the Western Front විසින් දිනා ගනු ලැබුවා.

මීට අමතරව තවත් ඔස්කාර් සම්මාන රැසක් දක්ෂයින් රැසක් දිනා ගනු ලැබූ අතර, එම ජයග්‍රහණ පහත පරිදි වෙයි...

Best original screenplay
Everything Everywhere All at Once (winner)

Best adapted screenplay
Women Talking (winner)

Best sound
Top Gun: Maverick (winner)

Best film editing
Everything Everywhere All at Once (winner)

Best production design
All Quiet on the Western Front (winner)

Best visual effects
Avatar: The Way of Water (winner)

Best international feature film
All Quiet on the Western Front (winner)

Best animated feature
Guillermo del Toro's Pinocchio - Guillermo del Toro, Mark Gustafson, Gary Ungar and Alex Bulkley (winner)

Best documentary feature
Navalny (winner)

Best live action short
An Irish Goodbye (winner)

Best documentary short
The Elephant Whisperers (winner)

Best animated short
The Boy, the Mole, the Fox and the Horse (winner)

























Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top