වෘත්තීයවේදීන් රැසක් හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයට සූදානමින්
Sunday, 12 March 2023 - 14:45 | Views - 674
උපයන විට බද්ද, වැඩිවූ විදුලි බිල, ඉහළ පොලී බැංකු පොලී අනුපාතය ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් හෙට (13) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය ප්‍රකාශ කළා.

බස්නාහිර, දකුණ, මධ්‍යම, නැගෙනහිර යන පළාත් හතර මූලික කරගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි එම සංගමයේ ප්‍රධාන ලේකම් හරිත අලුත්ගේ ප්‍රකාශ කළේ.

මේ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද හෙට දිනයේ පැවැත්වෙන වෘත්තිය ක්‍රියාමාර්ග සඳහා සහයෝගය පළ කරන තිබෙනවා.

එමෙන්ම ලංකා බැංකු සේවක සංගමයද එළඹෙන 15 වනදා විරෝධතා ක්‍රියාමාර්ගවලට එළඹීමට තීරණය කර තිබෙනවා.

මේ අතර වරාය වෘත්තිය සමිති ද 15 වනදා පැවැත්වීමට නියමිත සංකේතාත්මක වැඩවර්ජනය සඳහා සහයෝගය දක්වන බවයි වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු නිරෝෂන් ගොරකාන ප්‍රකාශ කළේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top