පොලිස් වෙස් ගෙන කළ හොර මගඩිය අතේ මාට්ටු
Sunday, 12 March 2023 - 13:32 | Views - 752
පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් යතුරුපැදියෙන් ගොස් පුද්ගලයන් බියකර ඔවුන් සතු ජංගම දුරකථන 90 ට ආසන්න ප්‍රමාණයක් සහ ලැප්ටොප් පරිගණක ඇතුළු භාණ්ඩ කොල්ලකෑ දෙදෙනකු කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් මෝදර දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් විසින් මෙම භාණ්ඩ ස්ථාන රැසක පුද්ගලයන්ට අලෙවි කර තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

මොවුන් දෙදෙනා යතුරුපැදියෙන් ගොස් විවිධ පුද්ගලයන් පරීක්ෂාකර ඔවුන් සතු ජංගම දුරකන ඇතුළු දේපළ සොරා ගෙන යන බවට පොලීසියට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් විසින් කොල්ලකෑ ඇපල් අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථන 37, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 44, ලැප්ටොප් පරිගණක 5, ටැබ් පරිගණක දෙකක්, පොලිසිය මඟින් සොයාගෙන ඇත.

මොවුන් කොල්ල කෑ තවත් දේපල රැසක් සොයා ගැනීමට නියමිතව ඇත.

කෙසේ වෙතත්, පොලිසිය සඳහන් කර සිටියේ, මෙවැනි වංචනික ක්‍රියාවලට හසු නොවීමට, මහජනතාව මෙවැනි ක්‍රියා ගැන දැනුවත් වී සිටීම වැදගත් වන බවයි.  


ඉන්දිකා රාමනායක
ලංකාදීප
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top