විදුලියෙන් නැවතත් රතු එළියක් ,
Sunday, 12 March 2023 - 9:49 | Views - 958

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණයට කිසිසේත් ඉඩ නොදෙන බවට වෘත්තීය සමිති අනතුරු අඟවනවා.
ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් අමාත්‍යවරයා ඒ සඳහා සූදානම් වන බවයි ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ.
අවසන් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර විදුලිබල මණ්ඩලයේ කළ හැකි ප්‍රතිසංස්කරණ එළඹෙන සතියේ සිටම ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති බව ඊයේ වාර්තා වුණා.
සාමුහික ගිවිසුම්වලින් ඉවත්වීම සහ මුල්‍ය පාලනය පිළිබඳව අවශ්‍ය නව ප්‍රතිපත්ති තීරණ ගැනීම එහි පළමු පියවර බව සඳහන්.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සාකච්ඡාවකදීයි මෙම කරුණු අනාවරණ වී තිබුණේ.
ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ඇතුලු ආයතනය විසින් එම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඔවුන්ට ලබාදිය හැකි සහය පිළිබඳව දන්වා ඒවා ඇති අතර ඒ අනුව ඔවුන්ගේ සහාය ලබා ගැනීම ද සිදු කරන බව බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මුල්‍ය විගණනය, මානව සම්පත් විගණනය, වත්කම් විගණනය සහ නීති සම්පාදනය වෙනුවෙන් එම සහය ලබා ගැනීමට දැනටමත් එකඟතාවකට පැමිණ ඇති බව සඳහන්.
ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියම සහ කාලවකවානු පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිතයි.
බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශ කළේ වසර 3 කට වරක් සියයට 25 කින් වැටුප් වැඩිවන තෙල් සංස්ථා සහ විදුලිබල මණ්ඩල සාමුහික ගිවිසුමෙන් රජය ඉවත් වන බවයි.
Share This Article