ණය කාඩ්පත් භාවිතයේ වැඩිවීමක්
Sunday, 12 March 2023 - 7:58 | Views - 1,144
2021 වර්ෂයට සාපේක්ෂව 2022 වසරේ ණය කාඩ්පත් හෙවත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතය වැඩිවී තිබෙනවා.
මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ 2021 වසරේ දෙසැම්බර් මාසයේදී සක්‍රිය කාඩ්පත් 19, 027,195ක් වූ අතර, එය 2022 වසරේ දෙසැම්බර් මාසය වනවිට 19,052,991 වූ බවයි.
ඒ අතරට, දේශීය ක්‍රෙඩිට් කාඩ්පත් 13,445 ක් සහ ගෝලීය වශයෙන් පිළිගත් ක්‍රෙඩිට් කාඩ්පත් 19,040,720 ක් අයත්.
එමෙන්ම 2021 වසරේ නොපියවූ ශේෂය 133, 285 ක් වන අතර, එය, 2022 වසරේ 143,098 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
Share This Article