උසස් පෙළ ප්‍රතිඵල පමා වෙයි - මේ වසරේ විභාගත් කල් යන ලකුණු
Thursday, 09 March 2023 - 11:26 | Views - 1,137
2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම පමා වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.
එහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අදාළ පමාව සිදු වීමට හේතුව ගුරුවරුන් විසින් ක්‍රියාත්මක කරමින් පවතින වෘත්තීය ක්‍රියාමාර්ග බවයි.
කෙසේ වෙතත්, මෙහිදී පිළිතුරු පත්‍ර පරික්ෂා කිරීමේ කටයුතුවලට එල්ල වී ඇති බාධාවන් හේතුවෙන් ප්‍රතිපල නිකුත් කිරීම ප්‍රමාදයට පත් වීමට ඉඩ ඇති බවයි ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
එසේම, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දිගට ම ක්‍රියාත්මක වුව හොත් 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ දින වකවානු නැවත අලුත් කිරීමට සිදු වන බව ද මෙහිදී ඇමතිවරයා සඳහන් කළා.
කෙසේ වෙතත්, අදාළ ගුරු සංගම් කියා සිටියේ, පසුගිය දා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු ගුරු දීමනාව වැඩි කිරීම ප්‍රමාණවත් නො වන බව යි.
Share This Article