ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල පහළට
Thursday, 09 March 2023 - 11:10 | Views - 915
එළඹෙන උත්සව සමයේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 07ක මිල පහත දැමීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා.ඒ අනුව, වියළි මිරිස් 01 Kg ක මිල රුපියල් 75කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 1500ක් ලෙස සටහන් වෙනවා.පාන් පිටි 01Kg ක මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර, එහි නව මිල සටහන් වෙන්නේ රුපියල් 230ක් ලෙසයි.පිරිප්පු 01Kg ක මිල රුපියල් 19කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 339ක් ලෙස සටහන් වෙනවා.සුදු සීනි 01Kg ක මිල රුපියල් 11කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 218ක්.රතු කැකුළු (දේශීය) 01 Kg ක මිල රුපියල් 9කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 155ක් ලෙස සටහන් වෙනවා.සුදු නාඩු (දේශීය) 01 Kg ක මිල රුපියල් 07කින් අඩු කර ඇති අතර, එහි නව මිල සටහන් වෙන්නේ රුපියල් 188ක් ලෙසයි.ලොකු ළුෑණු 01 Kg ක මිල රුපියල් 6කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 129ක්.මෙම මිල පහත දැමීම් අද (09) සිට ක්‍රියාත්මක බවයි ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන පවසන්නේ.

Share This Article